මෑත කාලය තුළ දුම්රිය ප්‍රමාදවීම් ගණනාවක් වාර්තා වන බවත් ඊට හේතු කුමක්දැයි සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබේ.
අද පෙරවරුවේ අමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදුකර තිබේ.ආසන්න දින කිහිපයේදි බොහෝ දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.