පසුගිය අප්‍රේල් මස පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යෑමේදී එම දුම්රියෙන් වැටී දණහිසට ඉහළින් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (24දා) නාරාහෙන්පිට පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය තුළදී පොලිස්පතිවරයා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.