දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක පදනම මත සේවය කරන සේවකයින් 1488 ක් පමණ ස්ථීර කරන ලෙස ඉල්ලා, අද (10දා) දින රත්මලාන දුම්රිය අංගනයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
එම ස්ථානයට ගිය මගී ප්‍රවාහන කලමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ සේවකයින් ස්ථීර කිරීම සදහා මේ වනවිටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව පැවැසීය.
එසේම අනිද්දා (12) දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දුම්රිය සේවකයින් ස්ථීර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බවත්, උද්ඝෝෂණය සඳහා සහභාගී වූ සේවක පිරිසට දැනුම් දුන්නේය.
වසර 6 ක් තිස්සේ ස්ථිරකර නොමැති එම කාර්ය මණ්ඩල, මාස 02 ක් තුළ ස්ථීර කිරීමට අවශ්‍ය මූලික පියවර තබන ලද්දේ වත්මන් රජය බවත්, විශේෂයෙන් වැඩකරන ජනතාවට සහන ලබාදීම සදහා වත්මන් රජය විසින් කිසිඳු පැකිලීමකින් තොරව තීන්දු තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.