දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කර තිබේ.
ඒ බලධාරින් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවකට පත්වූ අතර මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඊයේ (20දා) ඇතිවිය.