දුම්පානය කරන්න පුද්ගලයින්ට , කෝඩිවි -19 හෙවත් නව කොරෝනා රෝගය වැළදීම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එමෙන්ම නිවසේ දුම්බොන පුද්ගලයෙකු සිටියහොත් ඒ හේතුවෙන් නිවසේ අන්අයටද මෙම රෝගය වැළදීමේ අවධානම ඉතා ඉහළ බව සොයාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
නව කොරෝනා රෝගයෙන් වැළකීමට දුම්පානය නොකර සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
එමෙන්ම දුම්පානය සීමා කිරීමට මේවනවිටද තම සංගමය රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් දුම්පානය සීමා කිරීම සඳහා රජය නව නීති ගෙනඑනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.
"දුම්බොන පුද්ගලයෙකුට මේ රෝගය වැළදීමේ අවධානම 100 වැඩයි. ගෙදර දුම්බොන කෙනෙක් හිටියොත් අනිත් අයටත් රෝගය වැළදීමේ අවධානම වැඩියි. ඒ නිසා දුම්බොන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම වයස 80 වැඩි අයට රෝගය වැළදීමේ අනුපාතය වැඩියි. ඒ අයව වැඩි වශයෙන් රැකබලාගත යුතුයි. දියවැඩියාව , අධික රුධිර පීඩනය , පිළිකා රෝග මෙන්ම ස්වසන පද්ධතිය ආශ්රිත රෝග ඇති අයට මෙම රෝගය වැළදීමෙ හැකියාව ඉහළයි. ඒ නිසා මේ කාලය තුළ දුම්වැටි විකුණන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මත්පැන් සැල් වහලා තිබෙන්නේ එයත් හොද කාරණයක්."