දොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.
කොරෝනා රෝගයට ප්‍රතිකාර සදහා මෙම රෝහලේ ඇදන් 40 කින් යුත් වාට්ටු දෙකක් සූදානම් කර තිබෙන බවද දොම්පේ ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
මෙලෙස රෝහල කොරෝනා රෝගීන් සදහා පහසුකම් සැලසුවද, රෝහල පවත්වාගෙන ගිය සායනික කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන බවත් බාහිර ප්‍රතිකාර අංශය පමණක් තාවකාලිකව නතර කිරීමට සිදු වන බවත් වෛද්‍ය අරලිය පෙරේරා මහතා ප්‍රකාශ කලහ.
ඉකුත්දා මෙම රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණි රෝගියකුට කොරෝනා ආසාදන වී ඇති බව තහවුරු වීමත් සමග එම රෝගීයාට ප්‍රතිකාර කල වෛද්‍යවරයකු හා හෙදියන් දෙදෙනෙකු නිරෝධායනයට යෑවීමට සිදුව තිබුණි.
වෛද්‍ය අරලිය පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේ ප්‍රදේශයේ හදිසි ප්‍රතිකාර සදහා පැය 24 ම රෝහලේ දැඩිසත්කාර එකකය ක්‍රියාත්මකව පවතින බවයි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා