හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති ගෝඨාභය මහතා විසින් විශේෂ ජනපති සමාව ලබාදී ඔහුව නිදහස් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසීය.
ඒ අනුව අද දිනයේදී ජනපති සමාව යටතේ නිදහස්ව ඇති සිරකරුවන් සංඛ්‍යාව 94ක් වෙයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව ඔහුට මරණීය දණ්ඩනය නියම වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදිමින් සිටියේය.
දුමින්ද සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කර තිබේ.