කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍ර දේශයේදී නිරෝධායන නීති කඩකරමින් විරෝධතාවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6ක් නිරෝධායනයට යොමුකර තිබේ.
මෙසේ නිරෝධායනයට යොමුකළ අය අතර කාන්තාවක් වෙයි. අද දින පැවැත්වූ විරෝධතාවයකදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත් ප්‍ර දේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස්මත ඔවුන්ව සෘජු නිරෝධායනයට යොමුකර තිබේ. ඒ අනුව ඔවුන්ව පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.