ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන අද (16දා) උදෑසන නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් කිරීමට නියමිතව තිබුණත් පෙර පොරොන්දු වූ සම්මුතීන් බිඳ දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති අවම අවස්ථාවන් ගැන විරෝධය පළ කරමින් නාමයෝජනා අත්සන් කර නොමැති බව වාර්තාවෙයි.
පොදුජන පෙරමුණු නාමයෝජනාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුළු පිරිසකට අවස්ථාව දීම ගැන දුමින්ද දිසානායක මහතා කරුණු විමසා ඇති අතර එයට පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වගකිව යුතු ප්‍රකාශයක් නොකිරීම නිසා දුමින්ද දිසානායක මහතා කෝපයෙන් කෑ ගසා නාමයෝජනා අත්සන් නොකර පැමිණ ඇති අතර අනෙක් තිදෙනාද සිය විරෝධය පළ කරමින් නාමයෝජනා අත්සන් කර නොමැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමක් එහි මන්ත්‍රීවරුන්ට ඇතිවී ඇති අතර මෙවැනි පිරිසක් සමග ගමන් නොකර වෙනම තරග කිරීම යෝග්‍ය බවද තවත් පිරිසකගේ අදහස වී තිබේ. මේ සම්බන්ධයෙන් අද සවස 7 ට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.