හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.100ක් සමග සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොළඹ අපරාධ කෝට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම සැකකරු අද අලුයමදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී ඇති දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙක් වන මොහු පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් 12ක් තුවාල කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙකි.
අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මුදලින් රුපියල් 750000ක් හා මෝටර් රථ දෙකක් තිබී ඇති අතර හොරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 13ක් බව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමටද නියමිතය.