දීපවාලී උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ නගර වැසීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10) පැවැති දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී ඒ මහතා එසේ කීය.
දීපවාලී උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නරගවලට පිවිසී මහා සංචරණය නතර කිරීම සඳහා කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව දීපවාලී ආගමික උත්සවය සැමරීමට කටයතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
දීපවාලී උත්සව සමයේ කොරෝනා අවධානම සහිත පිට පළාත්වලින් හැටන් නගරය වෙත පැමිණෙන ජනතාව හඳුනා ගැනීම සඳහා සියලුම පිවිසුම්වල මාර්ග බාධක යොදා ඇති බව හැටන් පොලිස් කොට්ඨාස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා මෙහෙදී පැවැසීය.
මෙම මාර්ග බාධකවලදී ලබා ගන්නා තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබා දී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව එම ජනතාවට කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබාදීම සිදු කරන බවත් මෙහෙදී ඒ මහතා වැඩිදුරටත් කීය.
සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ