කොවිඩ් 19 වෛරසය අසාදනය වු රොගින් 50 දෙනෙකු පමණ මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බවත් , ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්රිත ප්‍රදේශවලින් හමුවු බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි අද දින පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා එ බැව් පැවසිය.
මේ මස 14 දිනට යෙදෙන දිපාවලි උත්සව දිනයේ සැණකෙලි නොපවත්වා සංචරණය නොකරමින් නිවසේ සිටම දිපාවලි උත්සවය සමරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරයා වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 50 ක් පමණ වාර්තා වෙනවා . රෝගින් 40 ක් පමණ වතුකරයෙන් වාර්තා වෙන්නේ.
වතුකරයේ කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරිලා යනවා. වතුකරයේ ජනතාවගේ නිවාස පිහිටලා තියෙන විදිහ සහ ජන ජිවිතය අනුව වෛරසය ශීඝ්‍රයෙන් පැතිරිලා යන්න ඉඩ කඩක් තියෙනවා.
ලයින් නිවාසයක විශාල පිරිසක් ජිවත් වෙනවා. එක ගොඩනැගිල්ලක විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා. බොහෝවිට පොදු වැසිකිලි පද්ධතියක් තමයි තියෙන්නේ .
දිපාවලි උත්සවය හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක්. සාමාන්‍ය තත්ත්වය යටතේ හින්දු ජනතාව මෙම උත්සවය සැණකෙලි ස්වභාවයෙන් තමයි සමරන්නේ.
මේ පවතින වෛරස් අවධානම සමග එසේ සැණකෙලි පැවැත්වුවොත් වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් තියෙනවා.
අපි හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේක ආගමික උත්සවයක් ලෙස සලකලා නිවසේ සිටම ආගමික වතාවන් සිදු කරන ලෙසයි.
හින්දු කොවිල් වල කුරුක්කල්වරුන්ගෙන් ඉල්ලිමක් කරලා තියෙනවා ආගමික වතාවන් සිමිත පිරිසක් පමණක් සහභාගි කරගෙන කරන්න කියලා.