යාපනය,පේදුරුතුඩුව,අල්වායි ප්රදේශයේදී අද (20) දහවල් දෙපිරිසක් අතර වු ගැටුමකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව,තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති අතර, එහිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
පේදුරුතුඩුව,අල්වායි ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය ප්රකශ කළේය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, තුවාලකරුවන්ද පේදුරුතුඩුව රෝහලට යොමුකොට ඇති බවද පොලිසිය ප්රකශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.