දැනට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍ර දේශ 44 තුළ සති අන්තයේදී ඇඳිරි නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම ප්‍ර දේශ තුළින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් බවත් එම ප්‍ර දේශ හරහා ගමන් ගන්නා වාහන නැවැත්වීම තහනම් බවද ඔහු පැවැසීය.
සති අන්තයේදී මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන වාර්තාවල කිසිම සත්‍යතාවක් නොමැති බවත් අද පස්වරුවේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකාය මෙවැනි ආකාරයේ කිසිම තීරණයක් නොගත් බවද ඔහු පැවැසීය.