දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ යෙදි සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනකු කොරෝනා අසාදිත විමෙන් පසු ඊයේ (01දා) රෝහල් ගත කර ආශ්‍රිතයින් සියක් පමණ නිරෝධානයට යොමු කළ බව දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසිය.
කෙරෝනා වැළදි ඇති බවට තහවුරු වු දන්කොටුව හා කිරිමැටියාන කොට්ඨාශ භාර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් දෙදෙනා කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
එක් මහජන මහජන පරික්ෂවරයකුගේ බිරිදට කොවිඩි රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් වෙත සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම මහජන පරික්ෂකවරුන් දෙදෙනාටද කොරෝනා වැළදි ඇති බවට තහවුරු වී තිබුණි.
වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ