පවත්නා තත්ත්වය යටතේ කොවිඩ් 19 රෝගීන් සදහා දිනකට ඔක්සිජන් ටොන් 95ක් අවශ්‍ය බවට තහවුරු වී තිබේ. දේශීයව නිශ්පාදනය කරන ව්‍යෛ ඔක්සිජන් උපරිම ධාරිතාව දිනකට ටොන් 78ක් වන අතර ඔක්සිජන් අවශ්‍යතාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් එම අවශ්‍යතාව සපුරාදීම සඳහා අමතරව සතිපතා අවම වශයෙන් ටොන් 120ක් ආනයනය කළ යුතු බවටද නිගමනය කර තිබේ.
දේශීය සැපයුම්කරුවන්ගේ සංචිතවල ටොන් 300ක් පමණ ඉතිරිව පවතින බවද වාර්තා වෙයි.
දැනට ආනයනය කරනු ලබන වෛද්‍ය ඔක්සිජන් ප්‍රමාණයට අමතරව තවත් ඔක්සිජින් ලීටර් 360000ක් ආනයනය කිරිම සඳහා අනුමැතිය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.
වෛද්‍ය ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම සැපරීම වෙනුවෙන් දැනට වෛද්‍ය ඔක්සිජින් ලීටර් 120000ක් ආනයනය කරනු ලබයි.
එසේ නමුත් පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.