නුවරඑළිය පොලිස් වසමේ නෙස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්ර අංක 11 හි දිනක් පමණ වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් හමුව තිබේ.
ඊයේ උදෑසන 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරුක් මත මෙම මළ සිරුරු දෙක සොයාගෙන තිබේ.
මුලින්ම ගැහැණු බිලිඳු මළ සිරුරක් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම පරීක්ෂා කිරීමේදී ඒ අසළ පැවැති පාර්සලයක් විවෘත කිරීමේදී තවත් ගැහැණු බිළිඳු මළ සිරුරක් හමුව තිබේ.
මෙම මළ සිරුරු දෙක හඳුනාගෙන නොමැති හෙයින් දින 14කින් පසුව මරණ පරීක්ෂණ සිදුකිරීමට නුවරඑළිය වැඩ බල මහේස්ත්රාත්වරිය නියෝග කර තිබේ.