බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද දින වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 169කු වාර්තා වී ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය
එම රෝගීන් ප්‍රමාණය ඉකුත් 19 වැනි දා දින සිට දින 10 ක් තුළ දී පි සි ආර් පරීක්ෂණ 362කින් වාර්තා වූ රෝගීන් බව වෛද්‍යවරිය කීය
වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බන්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසමෙන්ය, එම රෝගීන් සංඛ්‍යාව 16කි.
බණ්ඩාරගම රාජ්‍ය බැංකුවක් සහ ඖෂධ අලෙවි සැලකින් රෝගීන් ද වාර්තා වී ඇති අතර එම ආයතන දෙක මේ වන විට තාවකාලික වසා එහි සේවක සේවිකාවන් පි සි ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකී සංසරණ සීමා සීමා කර හැකිතාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස වෛද්‍යතුමිය බණ්ඩාරගම ජනතාවගෙන් ඉල්ලා සිටී
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ