රෝගය පැතිරීයාම නිසා බිබිල මැදගම ප්‍රාදේශීය රෝහල ඉකුත් (03) වෙනිදා සිට කොවිඩ් රෝගී මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.
එහි ඇඳන් 98 තිබෙන අතර රෝගීන් 98 දෙනෙකු මේවන විට ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී මානෙල් හේමන්ති මහත්මිය පැවසුවාය.
සුවය ලබා පිටවන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව අලුතෙන් රෝගීන් ඇතුලත් කරගැනීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මොනරාගල සුමනසිරි ගුණතිලක