පසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ.
මෙම අනතුර නිසා පිරිමි පුද්ගලයන් සිවු දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙන අතර, අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු රෝහල්ගතකර තිබේ.
බදුල්ල ප්ර‘දේශයේ සිට මහියංගණය දෙසට ගමන් කළ වෑන් රථයේ ගැටී තිබෙන්නේ ත්රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
මීට අමතරව පෙරේදා දඹුල්ල කණ්ඩලම ප්ර‘දේශයේදී සිදුවූ ත්රිරෝද රථ - වෑන් රථ අනතුර නිසා එකම පවුලේ දියණිය සහ පුතා මියගොස්, ත්රි‘රෝද රථය පැදවූ පියා තුවාල ලබා රෝහල්ගතකර තබේ.
15 වැනිදා කොලොන්න සූරියකන්ද ප්ර‘දේශයේදී ත්රි‘රෝද රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරක් හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇත.
මීට අමතරව ඇඹිලිපිටිය, එගොඩඋයන, කහටගස්දිගිලිය, මැදවච්චිය, හලාවත, දික්වැල්ල, බදුරලිය, ආරච්චිකට්ටුව, රුවන්වැල්ල, මාවතගම, තඹුත්තේගම, පේදුරුතුඩුව, අම්බලන්තොට, මොණරාගල, වාරියපොළ, බණ්ඩාරගම, විල්ගමුව, දඹුල්ල, ඔඩ්ඩුසුඩ්ඩාන්,ඌවපරණගම, සීගිරියසහ අඹන්පොල යන ප්රදේශවල අනෙක් අනතුරු සිදුව තිබේ.