බදුල්ල මහ රෝහලේදී කොවිඩ් අසාදිතයෙක් බවට හඳුනාගත් ඌව පරණගම පදිංචි දින 42 ක් වයසැති බිළිදා කොළඹ රිජ්වේ ළමා රෝහලට යැවීමෙන් පසු මියගොස් තිබේ .
මෙම බිළිදා සහ සහ ඇගේ මව කොවිඩ් අසාදිතයන් බව බදුල්ල මහ රෝහලේදී කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයකින් අනාවරණය වී තිබිණ .
ආසාධිත මවගෙන් කිරි බිව් දරුවාට කොවිඩ් 19 ආසාධනය වන්නට ඇති බව වෛද්‍යවරු විශ්වාස කරති.
මෙරටදී මියගිය ලාබාලතම කොවිඩ් රෝගියා මෙම බිළිදා බව වෛද්‍යවරු කියති .
බදුල්ලේ පාලිත ආරියවංශ