ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (25) දිනයෙත් නව ආසාදිතයන් ප්‍රමාණයට වඩා සුව වු ප්‍රමාණය ඉහළ අගයක් ගත් බවත් එය නව ආසාදිතයන් 2357 වාර්තා වන විට සුව වු පිරිස 2622 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කෝවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ(25) දිනය අවසන් වනවිට 26,384 ක් හා සුවය ලැබු පිරිස 63,120 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
චන්දන ප්‍රනාන්දු