දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසුවේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව එක පුද්ගලයෙක් දෙන්නෙක්ට බෝ කරන්නේ නම් සෑම දවස් පහකටම වතාවක් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙන බවයි.
ඒ අනුව අනිවාර්යයෙන්ම දින 100ක් ගතවන විට 20 වතාවක් රෝගය දෙගුණ වී රෝගීන් මිලියනක සීමාව ඉක්මවා යෑමට හැකි බවත් ඔහු පැවැසීය.
“අපේ වගකීම වෙන්නේ රෝගය අපිට වැළඳිලා තියෙනවා නම් අන් අයට රෝගය පැතිරීම වැළැක්වීමටත් අන් අයගෙන් රෝගය අපිට වැළදීම වළක්වා ගැනීමටත් අවශ්‍ය පරිදි අපගේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි.” යැයි ඔහු පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.