පාසල් ගුරුවරයෙකුට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාට දැදිගම ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායක වරකාපොළ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති කිත්සිරි විජේතුංග වැරදිකරු බව වරකාපොළ දිසා විනිසුරු යූ.බී.කුලතුංග මහතා අද (12දා) නඩුවේ තීන්දුව ප්රකාශ කරමින් පැවැසීය.
ඒ අනුව විත්තිකරු මෙම මස (14දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද විනිසුරුවරයා නියෝග කළේය.
2010/12/08 දින පාලිත කුමාරසිරි මහතාට පහරදී තුවා සිදුකිරීම සම්බන්ධයෙන් නඩුව විභාග කෙරිණි.
වැරදිකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට හා දඬුවම් නියම කිරීමට මෙම 14 දා දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.
වරකාපොළ පොලීසියේ උපපොලිස් පරීක්ෂක කුලතුංග මහතා පොලීසිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වීය.
වරකාපොළ රංගන රුවන් - කෑගල්ල - වසන්ත රෝහණ