සතුන් දඬයම් කිරීම සඳහා ඊයේ (15දා) පිටත්ව ගිය පුද්ගලයන් දෙදෙනෙක් ගුහාවක් තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිව පවසයි.
රාගල, සෙන්ලෙනාඩි ඝන කැලෑවක ගුහාවක් තුළ මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ සෙල්ලයියා අශෝක් කුමාර් අවුරුදු (31), මහේෂ්වරන් රත්නේෂ්වරම් (අවුරුදු 29) යන අයයි.
මරණකරුවන් සතුන් දඬයම් කිරීමට බව පවසමින් සුනඛයෙක්ද සමග නිවසින් බැහැරව ගොස් ඇති අතර එම සුනඛයාගේ සිරුරද ගල් ගුහාව තුළ තිබියදී සොයාගෙන ඇත.
මරණකරුවන් ඉත්තෑවන් දඬයම් කිරීම සඳහා ගුහාව තුළට දුම් ගසා පසුව ඇතුළු වීමෙන් අනතුරුව මෙසේ ජීවතක්ෂයට පත්වන්නට ඇති බවට විමර්ශණවලදී අණාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීර අද (16දා) සොයාගෙන ඇත.