දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්ර නායක මහතා විසින් ලබාදෙන ලදී.
කල්පිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ධීවර ප්රජා නායක හමුවකදී ඊයේ (26 ) එම අවසරය ලබා දෙන ලදී.
වෙනත් රටවල සිට පැමිණෙන ශ්රී ලාංකිකයින් මුහුදු මගින් මෙරටට ඇතුලුවීමේ සූදානමක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවත්,එවැන්නන් ප්රවාහනය කිරීම සපුරා තහනම්වන අතර එවැණි ක්රියාකාරකමක් පිළිබදව හෝඩුවාවක් ලද හොත්,කල්පිටිය විජය නාවුක හමුදා කදවුර දැනුවත් කරන ලෙස ද ධීවරයින්ගෙන් ඉල්ලීමක් කළේය.
පිටත සවි කරණ ධාරිතා එන්ජිම් සහිත කුඩා බෝට්ටු සහ පාරම්පරික ධීවර යාත්රාවන්ට පමණක් මෙම ධීවර මෙහෙයුම් අවසරය හිමි වේ.
එක් යාත්රාවක ධීවරයින් දෙදෙනෙකු පමණක් ගමන් ගනිමින් මෙහෙයුම් වල නිරත විය යුතුය. තමන් භාවිතා කරන පන්න ක්රමයට ගැලපෙන පරිදී දිවා රාත්රී ධීවර මෙහෙයුම්වල නිරත විය හැකිය.
ධීවර මෙහෙයුම් වල නිරතව සිටියදී,තමන් පදිංචි දිස්ත්රික්කයෙන් පිටත වෙනත් දිස්ත්රික්ක කරා එහා මෙහා සංචරණය විය නොහැක.අසනීප තත්ත්වයෙන් යුතු කිසිවෙකු මුහුදට නොයා යුතුය. යන කොන්දේසි පනවා තිබේ.
කල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයතුළ පිටත සවිකරන ධාරිතා එන්ජිම් සහිත කුඩා යාත්රා 1500 ක් ද පාරම්පරික ධීවර යාත්රා (වල්ලම්,තෙප්පම් සහ ඔරු )650 ක් පමණ ද වේ.
කල්පිටිය කුමාරි කොට්ටච්චි