ශ්‍රී ලංකාව තුළ කෝවිඩි-19 වසංගතය පැතිරීමේ අවදානම් කළාප පිළිබඳව යළි සමාලෝචනය කර දැඩි අවධානම් කළාප තවදුරටත් හදකළා කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට යාපනය සහ පුත්තලම අවධානම් කලාප ලෙස නම් කළ නොහැකි බවද එමෙන්ම කොළඹ බණ්ඩාරනායක මාවත සහ ගම්පහ සුදුවැල්ල , වැලිසර ප්‍රදේශ තවදුරටත් අවධානම් කලාප ලෙස නම් කළ හැකි බව ඔවුන් පෙන්වාදෙයි.
ඒමෙන්ම ඇදිරී නිතිය සහ ලොක්ඩවුන් යනු ආකාර දෙකක් බවත් ලොක්ඩවුන් ක්‍රමවේදයේදී සිදුකරන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ ආයතන පමණක් ක්‍රියත්මක කර අනිතුත් සේවා නතරකිරීම බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කළේය.
ඒ අනුව කොවිඩි-19 වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේද ගැන තවදුරටත් අවධානය යොමුකළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.