දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් ගණන 1104ක් දක්වා ඉහළට
දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1104 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (02) දිනය තුල දකුණු පළාතෙන් නවකොවිඩ් ආසාදිත රෝගින් 33 දෙනෙකු වාර්තා වි ඇත. ඉන් රෝගින් 22 දෙනෙකුම වාර්තා වි ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවද ඒ මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 09 දෙනෙකු වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 02නෙකු වාර්තා වි ඇත.
ඊයේ (02) දිනය තුල ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර හා ඇල්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.. ඒ අනුව මේ දක්වා කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රොගින් 607 දෙනෙකු වාර්තා වි ඇත ඊයේ දිනය තුල. මාතර දිස්ත්‍රික්කයෙන් අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 03 නෙකු හා දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයෙන් රෝගින් 06 දෙනෙකු වාර්තා වි ඇත.. මේ දක්වා කාලය තුල මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 358 දෙනෙකු වාර්තා වි ඇත. ඊයේ දිනය තුල වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වු හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරකැටිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 21 දෙනෙකු හා හම්බන්තොට සෞඛ්‍ය වෛදය නිලධාරි කොට්ඨාසයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව මේ දක්වා කාලය තුල දි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගින් සංඛ්‍යාව 102 දක්වා වැඩිවි ඇත.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 1309කට අයත් පුද්ගලයින් 3080 දෙනෙකු නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින බවද කොවිඩි මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 730ට අයත් පුද්ගලයින්1615 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්305ට අයත් පුද්ගලයින්1040 දෙනෙකු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්274ට අයත් පුද්ගලයින් 425 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
