සෝල්, අප්‍රියෙල් 8 (ෂින්හුවා) - පසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10384ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම රෝගීන් අතරින් 14 ක්ම විදේශයන්හි සිට දකුණු කොරියාවට පැමිණි අය වෙයි.
බදාදා දිනයෙදී තවත් මරණ 8ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබේ. මුළු මරණ අනුපාතය සියයට 1.93 කි.
සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු තවත් රෝගීන් 82 දෙනෙකු නිරෝධායනයෙන් නිදහස් කර ඇති අතර සමස්ත සුව වූ රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාව 6,776 දක්වා ඉහළ ගොස් තිබේ.