දකුණු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වැලිගමදී අද (13දා) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට අමරතව මීට පෙරද එම ප්‍ර දේශයේදී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
අද අත්ඩංගුවට ගත් හොරොයින් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 219 ග්‍රෑම් 200ක් බර බවද ඔහු පැවැසීය.
එම මත්ද්‍රව්‍ය තොගය ඉරාන හා පාකිස්තාන දේශ සීමාවේ සිට ලංකාවට රැගෙන විත් ඇති බවත් ඩුබායිහි ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවත් ඔහු පැවැසීය.
සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.