දෙපිරිසක් අතර දික්වැල්ල කෝට්ටගොඩ ප්‍රදේශයේදී, ඊයේ (10දා) සන්ධ්‍යාවේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුදයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර තිබුණේ කෝට්ටගොඩ, සුදුවැල්ල පදිංචි එම්. එම්. නිලංකා මදුරංගි (35) නැමති දෙදරු මවකි.
මීට මාසයකට පමණ පෙර එම ප්‍රදේශයේ පැවැති පෙරහරකදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී මියගිය කාන්තාවගේ බාල සහෝදරයකුට සිදුකෙරුණු පහරදීමක් සම්බන්ධ සිද්ධියක් මෙම ඝාතනය දක්වා දුරදිග ගිය බව මියගිය අයගේ ඥාතීහු පවසති.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයකුට පෙරේදා (10දා) සන්ධ්‍යාවේ සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන්, ඇයත්, සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් ඇතුළු කාන්තාවන් කිහිපදෙනෙකුත් සැකකරුවන්ගේ නිවස ඉදිරිපිටට ගොස් ඒ පිළිබඳව විමසීමේදී මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලීසිය පවසයි.
පිය පුතු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කරයි.
දික්වැල්ල - නිමල් ලන්දගේ