නිල කාලය අවසන් වූ දකුණු පළාත් සභාව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව අද (10දා) මධ්‍යම රාත්‍රි යේ පටන් දකුණු පළාත් සභාව විසුරුවා හැරෙයි.
දකුණු පළාත් සභාවත් සමග මේ දක්වා විසුරුවා ඇති පළාත් සභා සංඛ්‍යාව 7කි. තවත් දින කිහිපයකින් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර පසුව මාස කිහිපයකින් ඌව සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබේ.