දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 792ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 447ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 277ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 68ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ගත වූ පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 21 දෙනකු වාර්තා වූ බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 09කි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 05දෙනකු, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02කු, හබරාදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් එක් ආසාදිතයකු බැගින් වාර්තා වී ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 11කි. ඔවුන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 09 දෙනෙක් හා පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02 දෙදෙනෙක් බැගින් වාර්තා වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙක් පමණි. ඔහු තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇත.
සිරංගිකා ලොකුකරවිට