දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (19) වාර්තා වූ නව ආසාදිතයින් 91දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,898දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,051ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 648ක් දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 199ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31දෙනකු ද හම්බන්තොටින් එක් ආසාදිතයෙකු ද අලුතින් වාර්තා වී ඇත. අගුණුකොලපැළැස්ස බන්ධනාගාරයෙන් ද අලුතින් ආසාදිතයන් 16දෙනකු වාර්තා වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 59දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 13කි. තවලමින් 10දෙනකු ද බෝපෙ පෝද්දලින් ආසාදිතයන් 09දෙනකු ද ඉමදුව 08ක් ද අක්මීමණ, බලපිටිය හා ගාල්ල නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයන් 04 දෙනා බැගින් ද යක්කලමුල්ල හා රත්ගමින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද ඇල්පිටිය, බද්දේගම හා නාගොඩ කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් 12දෙනකු අකුරැස්ස කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ. කොටපොලින් 08දෙනකු ද වැලිගමින් ආසාදිතයන් 05දෙනකු ද අතුරලිය, දෙවිනුවර, කඹුරුපිටිය, කැකනදුර, මොරවක හා තිහගොඩ කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු හමුවී තිබේ.
දකුණු පළාතේ පවුල් 1,974ක පුද්ගලයෝ 4,949දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 879ක පුද්ගලයින් 1,954දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 627ක පුද්ගලයින් 2,227දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 468ක පුද්ගලයින් 768ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.
කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 75,125ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 34,573ක් ද මාතර පරීක්ෂණ 22,755ක් ද හම්බන්තොට පරීක්ෂණ 17,975ක් ද සිදුකර තිබේ.
දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1158දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 643දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 399දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 116දෙනකු ද සුවය ලබා ඇත.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට