දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ඊයේ (24) අලුතින් වාර්තා වූයේ ආසාදිතයන් 05 දෙනෙකු බවයි. මෙම පස්දෙනාගෙන් හතරදෙනකුම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. අම්බලන්ගොඩ පදිංචි ආරක්ෂක අංශ නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ ද හික්කඩුව සහ බලපිටිය පදිංචිකරුවන් දෙදෙනකු ද මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. අනෙක් ආසාදිත පුද්ගලයා වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 164ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 53ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 29ක් වාර්තා වෙයි.
මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 32කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 16ක් සුවය ලබා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් කිසිවෙකුත් සුවය ලබා නැත.
සිරංගිකා ලොකුකරවිට