දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සමුළුවක් අද (21) දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
දකුණු පළාත් සභාව දැනට විසිරුවනු ලැබ ඇති අතර රට තුළ උද්ගතව ඇති තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දකුණු පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරුන් කැඳවීමට කටයුතු කරන ලෙස දකුණු පළාත් සභා සභාපතිවරයාගෙන් පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම කැඳවුනු ලැබ තිබුනි.
මේ අනුව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුව දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරු 9.30 ට ආරම්භ විනි.
සභාව ආරම්භ වී ටික වේලාවකින් දකුණු පළාත් ආණ්ඩුකාරවර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සභා රැස්වීමට සහභාගී වීමට පැමිණි අතර ආණ්ඩුකාර වරයා අනතුරුව සභාපතිවරයා ආසන්නයේ පනවනු ලැබූ අසුනක අසුන් ගනු ලැබුනි.
කෙසේ වෙතත් දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලැබූ හිටපු මන්ත්‍රීවරුන් විසිදෙනෙකු මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් ගෙන් මෙම රැස්වීමට සහභාගී වී සිටියේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා සහ හිටපු අමාත්‍ය මනෝජ් සිරිසේන මහත්වරුන් පමණි.
දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරුන් වන යූ.ජී.ඩී ආරියතිලක, එච්. ඩබ්. ගුණසේන සහ දැනට විදේශගතව සිටින බව පැවසෙන දකුණු පළාත් හිටපු අමාත්‍ය චන්දිමා රාසපුත්ර යන මහත්වරුන් වෙනුවෙන් පනවා තිබූ ආසන හිස්ව තිබෙනු දක්නට ලැබුනි.
දකුණු පළාත් සභා රැස්වීම් ශාලාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන්ගේ සංයුතිය අනුවම මෙම සමුළුව කැඳවනු ලැබ තිබුනි.
ජිනේෂ් නානායක්කාර