කොරෝනා වසංගතයත් සමග මගි ජනතාව විසින් ගමන් බිමන් සිමා කොට ඇති නිසා දකුණු පළාතේ ඇතැම් මාර්ගවල ගමන්වාර අවලංගු කිරිමට සිදුවි ඇති බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ආර් .වි. ප්‍රභාත් කුමාර මහතා පවසයි.
මගි ජනතාව නොමැතිවිම නිසා ඇතැම් ප්‍රධාන මාර්ගවල ගමන්වාර අවලංගු කොට ඊළග ගමන්වාරයේ සිට බස්රථ ධාවනය කිරිමට සිදුවි ඇති බවද ඒ මහතා පවසයි. පාසල් නිවාඩු ලබාදිම, උපකාරක පංති නොපැවැත්විම, කාර්යාල සදහා කැදවිය යුතු සේවක සංඛ්‍යාව සියයට 50 දක්වා අඩුකිරිම යන හේතු නිසා පොදු ප්‍රවාහන සේවා භාවිතාකරණ මගින් සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බවද ප්‍රභාත් කුමාර මහතා පවසයි. මගි ජනතාව අඩුවිම නිසා රුහුණු ප්‍රාදේශිකයේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 20කින් පමණ අඩුවි ඇති බවද හෙතෙම පවසයි. මිට පෙර දෛනිකව රුපියල් ලක්ෂ 66ක ආදායමක් ලැබු අතර මේ වනවිට දෛනික ආදායම රුපියල් ලක්ෂ 44 දක්වා අඩුවි ඇති බවද ඒ මහතා පවසයි. ඉන්ධන කුලිය සොයාගැනිම පවා අපහසුවි ඇති බව පවසන ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකාරවරයා ශ්‍රි ලංගම බස්රථ පමණක් ධාවනය වන අතුරු මාර්ගවල දැනට සාමන්‍ය පරිදි බස්රථ ධාවනය වන බවද පවසයි.
මේ අතර මගි ජනතාව විශාල වශයෙන් අඩුවිම නිසා දකුණු පළාතේ මාර්ගවල ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව ද විශාල වශයෙන් අඩුවි ඇති බැව් දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා පවසයි. මගින් නොමැතිවිම නිසා ආදයම් තත්වය පහත වැටිම නිසා බස්රථ ධාවනය කිරිමට පුද්ගලික බස්රථ හිමියන්ගේ වැඩිකැමැත්තක් නොමැති බවද රාජාකුමාර මහතා පවසයි. ඉදිරියේ දි ග්‍රාමිය මාර්ගවල ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවිමට ඉඩ ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ පිළිබද තවදුරටත් අදහස් දක්වමින්දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා මෙසේද පැවසිය.
ග්‍රාමිය මාර්ගවල ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව අඩුවිම පිළිබද දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා සමගත් සාකච්ඡා කළා. බස්රථ සමාගම් සමගත් සාකච්ඡා කළා. මෙකි මාර්ගවල අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් ධාවනය කරන්න කියලා ඉල්ලිමක් කළා. ඊයේ (28) පස්වරුවේ ලැබුණු තොරතුරුවලට අනුව පුද්ගලික බස්රථ ධාවනය අඩුවෙලා තියෙනවා. උදහරණයක් වශයෙන් ගතහොත් හොද ආදායමක් තියෙන වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ රියදුරන් නොමැතිවිම නිසා පුද්ගලික බස්රථ 03ක් ධාවනය වන්නේ නැහැ. මෙය ඉතා සංවේදි ප්‍රශ්නයක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.