දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් ගේ සංඛ්‍යාව ඊයේ (09) දිනය වනවිට 1320 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
මේවනවිට ආසාදිත රොගින් 810 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) වනවිට කොරෝනා ආසාදිත රෝගින්708 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 464 දෙනෙකු සුවය ලබා ඇත. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත රෝගින් 480 දෙනෙකු වාර්තා වි ඇති අතර මේ වනවිට ඉන් රෝගින් 277 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් සංඛ්‍යාව 132ක් වන අතර ඉන් රෝගින් 64 දෙනෙකු සුවය ලබා ඇති බවද කොවිඩ් සම්බන්දිකරණ කාර්යාලයේ මෙහෙයුම් නිලධාරිවරයා පවසයි.
ඊයේ (09) දින දකුණු පළාතෙන් නව කොවිඩි ආසාදිත රෝගින් 15 දෙනෙකු හමුවි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පොද්දල, හා බලපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් රෝගින් එක් අයකු බැගින් හමුවි ඇති අතර ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 02නෙකු හමුවි ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් හමුවි ඇති රෝගින් සංඛ්‍යාව 11 දෙනෙකි. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින්03 නෙකු, මාතර නාගරික බල ප්‍රදේශයෙන් රෝගින් 02ක මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 02ක් වැලිපිටිය හා වැලිගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් රෝගින් දෙදෙනා බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි. ඊයේ (09) දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියකු වාර්තා වි නැත
දකුණු පළාත තුල මේ වනවිට පවුල් 1274කට අයත් පුද්ගලයින් 2349 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය සදහා යොමුකර ඇත. ගාල්ල දිස්ක්‍රික්කයේ පවුල්553 දෙනෙකුට අයත් 1323 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින් 1327 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 352කට අයත් පුද්ගලයින් 699 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. දකුණු පළාත තුල මේවනවිට 67 485 දෙනෙකු සදහා පි.සි.ආර් පරික්ෂණ සිදුකොට ඇති බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර