දකුණු පළාතෙන් ඊයේ (07) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 26 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 1252 ක දක්වා ඉහළ ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඉන් ආසාදිත රෝගින් 696 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද ඒ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් 680 දෙනාගෙන් 418 දෙනකු සුවය ලබා ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් 442 නාගෙන 225 දෙනෙකු සුවය ලබා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් 130 දෙනාගෙන් 53 දෙනෙකු සුවය ලබා ඇති බවදචාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ දිනය (07) තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 13 දෙනෙකු වාර්තා වි ඇත.බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් එක් අයෙකු, බෝපේ පොද්දල හා ඇල්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් පිළිවෙළින් ආසාදිත රෝගින් 05 හා 04 දෙනෙකු බැගින් වාර්තා වි ඇත.
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 03 නෙකු වාර්තා වි ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් සංඛ්‍යාව 680 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 11 දෙනෙකු වාර්තා වි ඇති අතර මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් 01ක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසාදිත රොගින් සංඛ්‍යාව442 දක්වා ඉහල ගොස් ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් එක් රොගියකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් සංඛ්‍යාව 130 දක්වා වැඩි වි ඇත.
මේ අතර ගාල්ල බන්ධනාගාරයෙන් ද ඊයේ (07) දින කොවිඩ් ආසාදිත රෝගින් 05 දෙනෙකු වාර්තා වි ඇත. මේ අතර දකුණු පළාතේ පවුල් 1151 කට අයත් පුද්ගලයින් 2843 දෙනෙකු නිවෙස්වල නිරෝධානයන වෙමින් සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්540කට අයත් පුද්ගලයින් 1101 මාතර දිස්ත්‍රික්කයේ පවුල් 345කට අයත් පුද්ගලයින් 1240 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 266කට අයත් පුද්ගලයින් 502 නෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ මහතා පවසයි.
දකුණු පළාතේ පුද්ගලයින්64833 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.