දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (05) දිනය වනවිට 1188 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (05) දිනය තුල දකුණු පළාතෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 38 දෙනෙකු වාර්තා වි ඇත ඉන් කොවිඩ් ආසාදිත රෝගින් 28 දෙනෙකුම වාර්තා වි ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 02 දෙනෙකු වාර්තා වි ඇති අක්මිමන ප්‍රදේශයෙන් රෝගින් 04 දෙනෙකු, බලපිටිය ප්‍රදේශයෙන් රෝගින් 02නෙකු හා බද්දේගම ප්‍රදේශයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.
ඒ අනුව මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගින් සංඛ්‍යාව 642 දක්වා වැඩිවි ඇත. ඊයේ දිනය තුල මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර කොට්ඨාශයෙන් ආසාදිතයින් 06 දෙනෙකු, , මාලිම්බඩ කොට්ඨාසයෙන් රෝගින් 08 දෙනෙකු, තිහගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 02නෙකු හා වැලිගම කොට්ඨාශයෙන් ආසාදිත රෝගින් 12 නෙකු වාර්තා වි ඇත.
ඒ සමග මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 427 දක්වා ඉහල ගොස් ඇති බවද කොවිඩ් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ තිස්සමහාරාම ප්‍රදේශයෙන් එක් ආසාදිත රෝගියකු වාර්තා වි ඇත. ඒ සමග හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 119 දක්වා වැඩිවි ඇත. සුව වි ඇති රොගින්ගේ සංඛ්‍යාව 696 දෙනෙකි ගාල්ල දිස්ත්‍රික්කයේ 413 නෙකු මාතර දිස්ත්‍රික්කයේ 225 හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝගින්53 නෙකු සුව වි නිවෙස්වලට ගොස් ඇත.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 1180කට අයත් පුද්ගලයින් 2825 දෙනෙකු නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින බවද කොවිඩි මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 602ට අයත් පුද්ගලයින්1368 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්319ට අයත් පුද්ගලයින් 1029 දෙනෙකු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 259ට අයත් පුද්ගලයින් 428 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති. දකුණු පළාත තුල දෙවැනි කොරෝනා රැල්ල ආරම්භවි ගතවු කාලය තුල පි.සි.ආර් පරික්ෂණ 63806 ක් සිදුකොට ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.