දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගින් සංඛ්‍යාව 639 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි
ඊයේ (19) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිත රෝගින් 52ක් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් රෝගින් එක බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
ඊයේ (19) දින ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 02නෙකු බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රොගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.
වැලිගම හා තංගල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 392ක් මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 199ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 48 දෙනෙකු වාර්තා වි ඇත. රෝගින් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බව පවසන චාමර මහගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 167 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙකු හා හමබන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 23 සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද හෙතෙම පවසයි.මේ වන විට දකුණු පලාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.