දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 239ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත් කරන සංඛ්‍යාලේඛණ වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 159ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 51ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 29ක් වාර්තාවී තිබේ.
දකුණු පළාතෙන් ඊයේ (21) දින අලුතින්කොරෝනා රෝගීන්07 දෙනකු වාර්තා වී තිබිණි. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ කියාසිටියේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 03 දෙනකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වූ බවයි.
ඊයේ දිනය තුළ හම්බන්තාට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් වාර්තාවී නොමැත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇත්තේ අම්බලන්ගොඩ, බලපිටිය සහ කරන්දෙණීය ප්‍රදේශවලිනි. මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 දෙනෙක් හා මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයකු වශයෙනි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 437ක පුද්ගලයන් 1022ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 911ක් ස්වයං නිරෝධායනයට යොමුකරසිටින අතර එම සංඛ්‍යාව පවුල් වශයෙන් 367කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 175ක පුද්ගලයන් 459 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටියි.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට