දකුණු පළාතෙන් ඊයේ (31) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1040ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.
එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 603ක්, මාතර දිස්ත්‍රිකයේ ආසාදිතයන් සංඛ්‍යාව358ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛයාව79ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
අලුතින් වාර්තා වූ ආසාදිතයන් 53දෙනා අතරින් ආසාදිතයන් 37දෙනකුම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඔවුන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 31කි. අක්මීමණින් ආසාදිතයන් 05දෙනකු වාර්තා වන අතර හබරාදුවෙන් එක් ආසාදිතයෙකු වාර්තා වේ.
මාතර දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 16ක් වන අතර ඔවුන් සියලු දෙනාම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්හමුවී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් වාර්තා වී නොමැත.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 1812කට අයත් පුද්ගලයින් 4184ක් නිරෝධායනයට ලක්කර සිටින බව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 861ක පුද්ගලයින් 1629ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 390ක පුද්ගලයින් 1361ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 561ක පුද්ගලයින් 1194ක් නිරෝධායට ලක්කර සිටිති.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට