කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිවි ඇති බැව් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම රෝගින්ගෙන් 114 දෙනෙකු නිවෙස්වල සිටින අතර තවත් රෝගින් 47 දෙනෙකු කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිව මුලික රෝහල්වල සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ඇදන් පහසුකම් නොමැතිවිම නිසා තාවකාලිකව හිනිදුම දිසා රෝහලට ඇතුලත් කරණු ලැබු රෝගින් 65 දෙනෙකු ද මේ අතර සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා රෝග ලක්ෂණ නිසා රෝහල්ගත කිරිමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු රෝගින් 20 දෙනෙකු කරාපිටිය රෝහලේ සිටින අතර එම රෝගින් අතර දරුවන් 06 දෙනෙකු, පිරිමි 07 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු සිටිති. මිට අමතරව බලපිටිය රෝහලේ රෝගින් 05 දෙනෙකු, උඩුගම රෝහලේ රෝගින් 04 දෙනෙකු, ඇල්පිටිය රෝහලේ රෝගින් 03නෙකු, මහමෝදර රෝහලේ රොගින් 05 දෛනකු, පුද්ගලික රෝහලක රෝගින් 03 නෙකු, කොග්ගල ලොන්බ්ච් හෝටලයේ රෝගින් 05, දෙනෙකු සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 35 දෙනෙකු. රත්ගම 09 දෙනෙකු, හබරාදුව 36 දෙනෙකු, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 08 දෙනෙකු, හික්කඩුවෙන් 04 දෙනෙකු, වැලිවිටියෙන් 02 නෙකු, කරන්දෙණිය 04 දෙනෙකු, බෝපේ පොද්දලින් 08 දෙනෙකු, ඉමදුව 13 දෙනෙකු, අක්මිමන 01 අයෙකු, උඩුගම රෝගින් 02 දෙනෙකු, බලපිටිය රෝගින් 03නෙකු, ඇල්පිටියෙන්01 රෝගියෙකු වශයෙන් රෝගින් 114 දෙනෙකු කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිව නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇදන්1400ක් තියෙනවා. එම ඇදන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්යස්ථානලට කොරෝනා රැගෙන එනවා. එම නිසා යම් රෝගින් සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිවි තියෙනවා. ඇදන් හිස්වන වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුලත් කිරිමට හැකිවන්නේ. ඇදන්වල ගැටළුවක් නිසා තමයි මෙම තත්වය උදාවෙලා තියෙන්නේ යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් සදහන් කළේය.