දකුණු පළාත තුල මේ වනවිට පුද්ගලයින් 2900 දෙනෙකු පමණ නිවෙස්වල නිරෝධායනය වන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
මිට අමතරව දකුණු පළාතේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල ද පුද්ගලයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් සිටින බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
දකුණු පළාත තුල කොරෝනා අසාදිත රෝගින් 72 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඇතැම් රෝගින් දකුණු පළාතට පැමිණ යලිගිය අයද මේ අතර සිටින බවත් මොවුන් දකුණු පළාතට අවධානමක් පවතින රෝගින් බවට හදුනාගත හැකි බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙකි රෝගින් මිනුවන්ගොඩ ඇගලුම් කමහල්, පැළියගොඩ මත්ස්‍ය හා කොළඹ නැව්තාටංගන පොකුරුවල ආශ්‍රිතයින් බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.
මේ වනවිට මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරෙන් හදුනාගත් දකුණු පළාතේ ආශ්‍රිතයින්ගේ නිරෝධායන කාලය අවසන්කොට ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසිය.