දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 400ක් මාතර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 57 දෙනෙකු වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
ඊයේ (21) දකුණු පළාතෙන් කොරෝනා නව ආසාදිත රෝගින් 11 දෙනෙකු හමුවි ඇත. ගාල්ල මහනගර සභාවෙන් රෝගින් 06 දෙනෙකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින්04 දෙනෙකු, මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් එක් රෝගියෙකු මෙසේ හමුවී තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදනය වි සුවවිමෙන් පුද්ගලයින්258 දෙනෙකු නිවෙස්වලට ගොස් ඇත. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 798කට අයත් පුද්ගලයින්2015 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයේ පවුල් 489කට අයත් පුද්ගලයින් 1640 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 432කට අයත් 713 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.