දකුණු පළාතෙන් ඊයේ (04) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 32 නෙකු හමුවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1150 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (04) දිනය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 15 දෙනෙකු වාර්තා වි ඇති අතර ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.
ඒ අනුව මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගින් සංඛ්‍යාව 633 දක්වා වැඩිවි ඇත. ඊයේ දිනය තුල මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කොට්ඨාසයෙන් එක් රෝගියකු, හක්මන කොට්ඨාසයෙන් රෝගින් 02නෙකු, මාලිම්බඩ කොට්ඨාසයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.
ඒ සමග මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 399 දක්වා ඉහල ගොස් ඇති බවද කොවිඩ් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇත. බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 03නෙකු, වලස්මුල්ල කොට්ඨාසයෙන් රෝගින් 03නෙකු හා විරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 06 දෙනෙකු වාර්තා වි ඇත. ඒ සමග හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 118 දක්වා වැඩිවි ඇත.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 1211කට අයත් පුද්ගලයින් 2951 දෙනෙකු නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින බවද කොවිඩි මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 611ට අයත් පුද්ගලයින්1610 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්263ට අයත් පුද්ගලයින් 926 දෙනෙකු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 413ට අයත් පුද්ගලයින් 413 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති. දකුණු පළාත තුල දෙවැනි කොරෝනා රැල්ල ආරම්භවි ගතවු කාලය තුල පි.සි.ආර් පරික්ෂණ 63289 දෙනෙකු සිදුකොට ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.