පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.
ඉන්දියාවේ සංචාරයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා රාජ්නාත් සිං මහතා අතර හමුව ඊයේ (20දා) නවදිල්ලි නුවරදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීමට ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව හේතුවෙන් දෙරටටම ප්රතිලාභ රැසක් අත්වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.