දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක - මත්තල - හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා 'අද'ට සඳහන් කළේය.
ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කිරීමට නියමිතය.
පසුගිය ජනපතිවරණයට පෙර යහපාලන රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට විවෘත කිරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පසුව අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ දක්ෂින අධිවේගී මාර්ගයේ නව කොටස විවෘත කිරීම මගින් ලංකාවේ ප්රධාන වරායන් දෙකක් හා ගුවන් තොටුපොළවල් දෙකක් සම්බන්ධ කරන හෙයින් ඒ හරහා භාණ්ඩ හා මගී ප්රවාහනය තවදුරටත් පහසු වෙන බවයි.
එය ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත් මන්ත්රීවරයා පැවැසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනය මගින් සිඳුකළේය.