දකුණු අධිවේගී මාර්යේ කුරුඳුගහහැතැක්ම කිලෝ මීටර් 45.6 L ස්ථායේදී කඩවත දෙස ිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
වෑන් රථයේ රියදුරු ඇතුළු පස් දෙනෙක් මෙම අනතුරින් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරිමේදී වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෑන් රථයේ රියදුරට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශන වලදී අණාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මරණකරු අවුරුදු 63ක් වන පිළියන්දල පදිංචි රණසිංහ ගුණවර්ධන නම් තැනැත්තෙකි.